වෙසක් දින විශේෂ වන්දනා වැඩසටහන – මැයි මස 5 වෙනි සිකුරාදා දින

ධම්මෝ භවෙ රක්ඛති -ධම්මචාරී
(ධර්මයේ හැසිරෙන්නා-ධර්මය විසින් ම රකී)
සදහම් අමා රස දහරින් දෙව් මිනිස් හදවත් සනසා ලූ, අප මහා තිලෝගුරු තථාගතයන් වහන්සේගේ උප්පත්තිය, සම්මා සම්බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය සමරනු වස් මෙම මස 5 වෙනි දිනට යෙදී ඇති උතුම් වූ වෙසක් පොහෝ දිනයේ සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ සිදු කෙරෙන ගිලන්පස සම්බුද්ධ පූජාවට හා සම්මා සම්බුද්ධත්වය සිහිකොට සජ්ජායනා කෙරෙන උතුම් ධම්සක් පැවතුම් පිරිත් දේශනයටත් කෙරෙන පින්බර ආරාධනාවයි මේ…
මේ සඳහා පින්වත් ඔබ සැමගේ පැමිණීම මෙත් සිතින් අපේක්ෂා කරමු!

දිනය        :  වෙසක් මස 5 වෙනි සිකුරාදා 

වේලාව    :  පව 7:30 සිට 9:00 දක්වා
ස්ථානය  :  සදහම් සෙවණ බොද්ධ මධ්‍යස්ථානය

Date

May 05 2023
Expired!

Time

7:30 pm - 9:00 pm

Location

Sadaham Sewana Buddhist Centre