Meditation Programs Mindfulness

Special Dhamma / Meditation Program for Kids – Introductory Session

අපගේ දරුවන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කල ඒ අමා දොර ප්‍රයෝගිකව ජීවිතයට ගලපා ගන්නා ආකාරයත්, සතිමත් බව දියුණු කිරීම තුලින් ජීවිතයේ ලෞකික සහ ලෝකෝත්තර සාර්ථකත්වය ලගා කරගන්නා ආකාරයත් පෙන්වා දීම අරමුණු කොට ගෙන අප ආයතනය මගින් දරුවන් උදෙසාම විශේෂ වැඩසහනක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතී.
අප ආයතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වෑගඩපොල විමලඥාන හිමිපාණෝ, මහනුවර හන්තාන උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ගංගොඩවිල අරියගවෙසී හිමිපාණෝ, සදහම් සෙවන විහාරවාසී පූජ්‍ය තෙල්දෙණියේ සුදස්සී හිමිපාණෝ  සහ මහනුවර ශික්ෂණ රෝහලේ ළමා විශේෂඥ වෛද්‍ය සහ මනෝවෛද්‍ය තනූජා හේරත් වෛද්‍යතුමියගේ අනුශාසකත්වයෙන් සැලසුම් කෙරෙන මෙම වැඩසටහන ගැන දෙමව්පියන් දැනුවත් කිරීම සදහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට අප ආයතනය බලාපොරොත්තු වන්නෙමු.
දිනය : සැප්තැම්බර් 18 වැනි සෙනසුරාදා 
වේලාව : 8.00 PM AEST
වැඩසටහනට සම්බන්ධ වීමට පහත Zoom link එක භාවිතා කරන්න.
Topic: Dhamma / Meditation Program for Children
Time: Sep 18, 2021 08:00 PM Canberra, Melbourne, Sydney
Join Zoom Meeting
https://us02web.zoom.us/j/81047147300?pwd=UnNXT0lmQWpSRWpkanB2bVpIRS80UT09
Meeting ID: 810 4714 7300
Passcode: 924345
මහනුවර හන්තාන උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ගංගොඩවිල අරියගවෙසී හිමිපාණෝ, සදහම් සෙවන විහාරවාසී පූජ්‍ය තෙල්දෙණියේ සුදස්සී හිමිපාණෝ  සහ මහනුවර ශික්ෂණ රෝහලේ ළමා විශේෂඥ වෛද්‍ය සහ මනෝවෛද්‍ය තනූජා හේරත් වෛද්‍යතුමියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී යෝජිත ළමා වැඩසටහනේ සැලැස්ම සහ ක්‍රියාකාරකම් ගැන දෙමව්පියන් සමග සාකච්චා කිරීමට මෙන්ම වැඩසටහන දරුවන්ට වඩා ඵලදායි කරගැනීම උදෙසා දෙමව්පියන්ගේ යෝජනා සහ අදහස් සාකච්චා කිරීමටද බලාපොරොත්තු වන්නෙමු.

Date

Sep 18 2021
Expired!

Time

8:00 pm - 9:00 pm

Labels

Meditation Programs